.: කණියාගේ සටහන :.

පිස්සු.. ආතල්.. මොංගල්.. ත්‍රාසය.. භීතිය.. ඔක්කොම එක්ක එන්න කියවන්න...

TechnoMax 2009 තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය

කට්ටිය කොහොමද ඉතින්.. පොඩි නිවුස් එකක් අරන් මම ආවෙ.. මුලින්ම කියන්න ඕන මම මේ කරන්නෙ වෙළඳ ප්‍රචාරක දැන්වීමක් නෙමෙයි හොදද..





පලමු වරට මීරිගම නගරයේ මේ වගේ ප්‍රදර්ශනයක් කරන්නෙ..  හොඳ වැඩකට ඉතින් අපි උදව් නොකර ඉන්නෙ නෑනෙ.. පුංචි පහේ ප්‍රදර්ශනයක් උනාට වැදගත් වේවි ගොඩක්..  පැවැත්වෙන දින, වෙලාවන්, ස්ථානය ගැන විස්තර උඩ තියෙන ඇඩ් එකේ තියෙනව.

අන්තර්ගතය ගැන පොඩ්ඩක් කියනව නම්...


  • පරිගණක දෘඩාංග තාක්ෂණය..
  • පරිගණක ක්‍රීඩා..
  • මුද්‍රණය පිලිබඳ ඔබ නොදත් දේ..
  • පරිගණක ජාලකරණය සහ Ncomputing..
  • ඔබ නොදුටු මෙහෙයුම් පද්ධති..
  • වීඩියෝ කැමරා තාක්ෂණය..
  • ව්‍යාපාරයට අන්තර්ජාලය යොදා ගන්න ක්‍රම..
  • පරිගණක පොත් පත්..
  • මීරිගම අන්තර්ජාල අඩවියට ප්‍රවේශයක්..
  • විශේෂ සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ...

තව විශේෂ දෙයක් තියෙනව, මෙහි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය හා ටෙක්කතා පිළිබඳ ප්‍රදර්ශන කුටියක් තියෙනව...


මේ තියෙන්නෙ එන විදිහ.. ලඟපාත අය පුලුවන් නම් එන්න, ඇතුල්වීම නොමිලේ :P


මගේ වින්ඩෝස් 7




පහුගිය ටිකේ Windows Vista එපා වෙලා හිටියෙ.. ම‍ගේ කොම්පියුටරේ බ්‍රෑන්ඩඩ් එකක් නිසා ඔක්කොටම තිබුනෙ එක පාට්ෂන් එකයි.. පාට්ෂන් කීපයක් පාවිච්චි කරල තිබුන පුරුද්ද නිසා මෙහෙම ඉන්නකොට නිකන් පිස්සු වගේ. කොහොම ‍කොහොම හරි මාස 6කුත් පාවිච්චි කරා කියමුකෝ.. දැන් ඉතින් පට්ට ස්ලෝ.. මොනව කරන්නද, හිතට දහිරිය අරගෙන හිතුව ලයිසන් සොෆ්ට්වෙයා යකාට ගියාවෙ කියල අලුත්ම වින්ඩෝස් 7 දාල බලන්න.

දැන් ඉතින් format කරන්න කලින් ඩේට ටික බැකප් කරන්ඩ එපැයි.. අපිට කොයින්ද Portable HDD. ඒපාර දන්න තැනක PC එකක් එක්ක නෙට්වර්ක් කරල ඔක්කොම ඩේට ටික බැකප් කරා.. කොහොම හරි 80 GB විතර ඩේට ටිකක් කොපි වෙන්න පැය 4ක් විතර ගියාද කොහෙද.. නෙට්වර්ක් ස්පීඩ් 100Mbps උනත් ඉතින් ෆයිල් ගොඩක් තියෙනකොට අමාරුයිනෙ..

වැඩේ හරි දැන් ඉතින් නමෝ විත්තියෙන් හත දාන්න තමයි තියෙන්නෙ.. ඔන්න ඉතින් කොහොම හරි දාල ඇක්ටිවේටර් එක රන් කරා.. හපොයි, මොන බම්බුවක්ද.. මේ ඇක්ටිවේටරේ වැඩ නැ...
දැන් ඉතින් පිස්සු වගේ.. ඔක්කොම මහන්සිය වතුරෙ නේද කියල හිතුන..

කොහොම හරි මට මේක දීපු අයියව සම්බන්ද කරගෙන ඇක්ටිවේටරේ අලුත් වර්ෂන් එකක් ගත්ත.. හම්මෝ ඇති යන්තම් ඒක වැඩ.. දැන් නම් පුදුම සන්තෝසයක් තියෙන්නෙ..

මම ඉන්ස්ටෝල් කරේ Windows 7 Home Premium. විස්ට වලට වඩා ගොඩක් හොඳ බව ඔන් කරනකොටම දැනුන.. Performance චෙක් කරාම තේරුනා රැම් එකත් අඩුවෙන් පාවිච්චි කරන්නෙ කියල..

තව ඉතින් ගොඩක් Drivers ඔටෝ ඉන්ස්ටෝල් වෙලා තිබුන.. ඒත් ඉතින් මම කෝකටත් කියල Drivers ඔක‍්කොම ඉන්ස්ටෝල් කරා.. ඔය උඩින් දාල තියෙන්නෙ මගේ ඩෙස්ක්ටොප් එකේම පොටෝ එකක්..
Windows 7 දාල වෙනස අත්විඳල බලන්න :)

Get sinhala

Techකතා

Twitter facebook group     PageRank      
 

හිට් කවුන්ටරය

Free Web Counters

ආරම්භය - 2009.03.15

   

අපේ කස්ටිය

My Photo
ගයාන් කණිෂ්ක Gayan Kanishka
මොරටුව කැම්පස් එකේ NDT, යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් හදාරනව.. පරිගනක ක්ෂේත්‍රයට ගො‍ඩක් ආසයි.. රටට සේවයක් කරන්න තමයි බලාපොරොත්තුව...
View my complete profile

ගෙදර යන ගමන්

හිත ගිය තැන්..